Saturday, May 29, 2021

අව්‍යාජ වූ සෙනෙහස

 "ඇය අපව කුඩා කල කිසිවිටකත් බිම නොතබා උපරිම සෙනෙහස දක්වමින් ඇති දැඩි කළාය,වඩාගෙන යා යුතු අවස්ථාවේ බිම ඇවිද්දවාගෙන ගියේ නැත ,රැකියාවට යන තෙක් හෝ රැකියාවට යන විටද කෑම කැව්වාය ,පාසලට /රැකියාවට ගොස් නිවෙසට පැමිණීමට රැ බෝවූ විට නොව නියමිත වේලාවට නොපැමිණි විට ඒ පිළිබඳව තැවෙමින්  ,විමසමින් නොකා නොබී මග බලා සිටියාය ,ජීවිතයේ සැම කාර්යයකදීම දිරි ගැන්වූවාය ,සාධාරණ ලෙස ජීවත් වීමටත් සොරකම/වංචාව  ප්‍රතික්ෂේප කිරීමටත් ,අනුන්ගේ දේ කඩා වඩා නොගැනීමට හා අවශ්‍ය අයට උදව් උපකාර කිරීමටත් ,පොලවේ පය ගසා ජීවත් වීමටත් හුරු කළාය "යනුවෙන් තම මව ගැන අගය කිරීමට හැකියාව ඇති අය කිසි විටක එය හඬ නගා නොකීවේය /නොකීවාය .එවැනි ගුණාංග නොතිබුණු තැන  ව්‍යාජ අදහස් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ  නොමැති ගුණාංග ආරෝපණය කරමින් බොහෝ දෙනා මවු ගුණ වයන්නට ඇත .



එවැනි මවු සෙනෙහසක් පිළිබඳව නිර්මාණයක් කළ විටද සමාජයෙන් එල්ල වන පැසසුම්වලට වඩා ඇත්තේ ගැරහුම්ය ,එම  ගැරහුම් මැද වුව එවැනි නිර්මාණයක් දුටු විට  මවු සෙනෙහසක් කිසිදා නොලද කුඩා දරුවන් එබඳු  සෙනෙහසක් දැක සතුටට පත් වූ බව අදහස් දක්වන අයුරුත් ඇතැමුන් හඬා වැළපෙමින් ඔවුන්ට මවු සෙනෙහස අහිමි වූ බව  පවසමින් දුක් වන  අයුරුත් දුටුවෙමි .මවු ගුණ පිළිබඳව ව්‍යාජ සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ  ප්‍රචාරය කරන දහස් ගණනක් වූ පිරිස  අතරේ කුඩා දරුවන් විසින් පළ  කළ එවැනි අව්‍යාජ අදහස් ගලේ කෙටු ඉරක් ලෙස පවතිනු ඇතැයි  මොහොතකට සිතුවෙමි ,

No comments:

33 Injured Due To Bus Collision

 Around 33 persons including school children had been injured and hospitalized  following ahead on collision of  A Sisu sariya bus and Sri L...