Wednesday, June 26, 2024

Parliament To Hold An Emergency Session On 02 nd Of July

Speaker   Mahinda Yapa Abeywardane  has called an emergency session of the Parliament on 02nd of July as per the request made by Prime Minister Dinesh Gunawardane .




The emergency session of the Parliament is due to convene to make room for the President Ranil Wikramasinghe to make a special statement regarding the country's economic situation and bankruptcy it has been reported.Earlier Parliament was scheduled to be convened on 09 th off July .


 පාර්ලිමේන්තුව ලබන 2 වැනිදා හදිසියේ කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව කළ ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තුව මෙසේ කැඳවන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරයාට ප්‍රකාශයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙසේ කැඳවන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔහු එදින රටේ ආර්ථික තත්ත්වය, බංකොලොත්භාවය යනාදී කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි රැස්වීමට නියමිතව තිබුණේ ලබන 9 වැනිදාය.

පාර්ලිමේන්තුව ලබන 2 වැනිදා හදිසියේ රැස්වන බවට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පාර්ලිමේන්තුව කටයුතු කරමින් සිටී.

එසේම ලබන 2 වැනිදායින් පසු පාර්ලිමේන්තුව රැස්වන දිනය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ලබන28 සිකුරාදා පැවැත්වීමට නියමිතය.

 

No comments:

Senior DIG Priyantha Weerasuriya Has Been Appointed As Acting IGP

The senior Deputy Inspector General Of Police (DIG)  in charge of North Central Province  Priyantha Weerasuriya has been appointed as the ac...