Wednesday, February 23, 2022

මෙම මාසයේ දිවියෙන් සමු ගත් ජ්‍යෙෂ්ඨ නිහතමානී පුවත්පත් කලාවේදීන් දෙදෙනා ගැන සටහනක්


 මෙම මාසයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේම  අභාවයන් වාර්තා වීම ශෝචනීය සිදුවීමක් .මෙසේ ඉකුත් සතියේදී මියගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම ප්‍රවෘත්ති කතුවරයෙකු වූ සුනිල් දයා ද අල්විස් හා අද (23දා ) මිය ගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක යන මහත්වරුන්ගෙන් පුවත්පත් කලාවට සිදු වුයේ අනුපමේය සේවයකි .

මෙම මාධ්‍යවේදීන් දෙදෙනාම ඇසුරු කිරීමට ලැබීමෙන් අප ඉගෙනගත් දෑ බොහෝය .ඔවුන් තුළ පැවති නිහතමානී .චාම් ,සරල ගතිපැවතුම් හේතුවෙන්  නිතරම සිය කනිෂ්ඨයන්ට අවශ්‍ය ගුරු හරුකම් ලබා දීමට නොපැකිළව ඉදිරිපත් විය ,අභාවප්‍රාප්ත සුනිල් දයා ද අල්විස් මහතා මෙරට මෑතකදී සිටි  හොඳම සෞඛ්‍ය ක්ෂේත්‍රය ආවරණය කළ මාධ්‍යවේදියා  වන අතර සුනිල් ප්‍රේමතිලක මහතා දක්‍ෂ පුවත්පත් කලාවේදියෙකු මෙන්ම ලේඛකයෙකි .සිය පැන සමාජයේ යහපත වෙනුවෙන්ම  මෙහෙයවූ මෙම මාධ්‍යවේදීන් දෙපල කිසි විටෙක අල්ලස්වලට ,සංග්‍රහවලට සිය  වෘත්තීය පාවානොදුන්හ . ඔවුන් දෙදෙනාට නිවන් සුව.

No comments:

Remembering One of the world's, largest Train Accidents reported from Sri Lanka In 2004

Tsunami memories:What happened in Paraliya in 2004.