Saturday, January 15, 2022

:ඔමික්‍රෝන් "පැතිරෙද්දී සංදර්ශන පවත්වමින් මුග්ධයන් ලෙස සමාජයේ හැසිරෙන්නන් සමග කොරෝනා පාලනය කළ නොහැක

 ඔමික්‍රෝන් වැනි ශීඝ්‍රයෙන් පැතිරෙන වෛරස් ප්‍රභේදයක්  පැතිරෙද්දී තව තවත් සංදර්ශන ,ප්‍රසංග කලාකරුවන් යයි හඳුනාගන්නා නලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සංදර්ශන/වැඩසටහන්  පවත්වන ලෙස උපදෙස් දෙන හා ඒවා පවත්වන මුග්ධයන් වැඩි වශයෙන් සිටින රට  බවට ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබේ . එම වෛරස් ප්‍රභේදය ඉදිරියේදී ලෝක ජනගහණයෙන් හරි අඩකට වැඩි සංඛ්‍යාවකට ආසාදනය වන බව පවසා තිබියදීත් අසල්වැසි ඉන්දියාවේ බලධාරීන් පවා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර කටයුතු කරද්දීත් මෙරට සෞඛ්‍ය බලධාරීන් අඩුම තරමින් මෙවැනි විශාල පිරිස් එකතුවන සංදර්ශන පැවැත්වීම සීමා කරන ලෙස හෝ නිවේදනයක් නිකුත් නොකිරීම ඔවුන්ගේ අකාර්යක්ෂමතාවට පැහැදිලිවම පෙන්නුම් කරන්නකි .


කොරෝනා වෛරසය ආසාදනය වීම යනු සාමානය උණක් ,සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳීම හා සමාන තත්ත්වයක් බව සළකා කටයුතු කරන මුග්ධයන් අඩුම තරමින් කොරෝනා මර්දන සෞඛ්‍ය මර්ගොපදේශමාලාව හෝ අනුගමනය කරමින් කටයුතු කරන්නේ නම් මේ පිළිබඳව කථා කිරීම අවශ්‍ය නොවීමට ඉඩ තිබිණි ,එහෙත් මුහුණු ආවරණ නිකටෙහි තබාගෙන දුරස්ථභාවය පවත්වා නොගෙන එන්නත් ලබා ගත් බවට පුරසාරම් කියමින් හැසිරෙන මෝඩයන් නිකමට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී සුවපත් වුවෙකුගෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය විමසුවේනම් මේ තරම් අනුවණකම් සිදු නොකරනු ඇත .කොරෝනා ආසාදනයට ගොදුරු වී සුවපත් වුවන් අතර වෙනත් අතුරු ආබාධ මෙන්ම වසර ගණනක් පැවතිය හැකි ලෝන්ග් කොවිඩ් නමැති රෝග තත්ත්වය පවතින බව බොහෝ දෙනා මේ වන විට අමතක කර තිබීම කනගාටුවට කරුණකි ,මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අමු අමුවේ උල්ලංගනය කරමින්    කටයුතු කරන්නන්  මෙරට ළමා පරපුරට මෙන්ම සමස්ත සමාජයටම  ලබා දෙනුයේද වැරදි ආදර්ශයකි

යම් කිසි සාමාන්‍යකරණයක් කරා යා යුත්තේ   කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාව අනුගමනය කරමින් කටයුතු කරන අය සමග මිස  එන්නත් ලබා ගත් බවට වහසිබස් දොඩමින් උන්මන්තකයන් ලෙස  සෞඛ්‍ය මාර්ගෝපදේශ අමු අමුවේ උල්ලංගනය කරමින්  හැසිරෙන්නන් සමග නොවන බව බලධාරීන් දැන්වත් අවබෝධ කරගත යුතුව ඇත , 

No comments:

Three Arrested Over Siekh Activist's Killing In Canada

  https://www.bbc.com/news/world-us-canada-67836968