Thursday, January 13, 2022

දුපතක් ලෙස පවතින වාසියවත් කොරෝනා මර්දනයේදී යොදා නොගත් මෙරට සෞඛ්‍ය අංශ නිසා රට තුළ කොරෝනා අවදානම ඉහළ යාම අභාග්‍යයකි .

පවතින තත්ත්වය යටතේ ලෝකයේ දියුණු හා දියුණු වෙමින් පවතින රටවල පුවත් දිනපතා නිරීක්ෂණය කළහොත් මෙම දිනවල සැම පුවත් වෙබ් අඩවියකම "ඔමික්‍රෝන් "වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් වාර්තා කිරීමට වැඩි ඉඩක් ලබා දී තිබෙනු දැකිය හැකිය ,එහෙත් කිසිදු ආකාරයකින්  වසංගතය පාලනය නොකළ දිනකට සිදු කෙරෙන "පී සී ආර් " හා රැපිඩ් ඇන්ටිජන් " පරීක්‍ෂණ සංඛ්‍යාව 15,000ටත් අඩුවෙන් සිදු කරන ඇතැම් දිනවල එම පරීක්‍ෂණ 10,000 ක් සිදු කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් හැසිරෙනුයේ කොරෝනා වසංගතය කියා දෙයක් මෙරට නොපැතිරෙන ආකාරයකටය ,

වෙනත් ජීවන ප්‍රශ්න සමාජය තුළ ඇති බව සැබෑය ,එහෙත් ඒ මුවාවෙන් තවමත් මුලාශ්‍රය සොයා නොගත් කොරෝනා වැනි වෛරස් ප්‍රභේදයකට නිදහසේ පැතිර යාමට ඉඩ දීමෙන් මෙරට සෞඛ්‍ය අංශ තැත් කරනුයේ තවත් මාරාන්තික කොරෝනා වෛරස් ප්‍රභේදයක් මෙරටින් බිහි කිරීමට දැයි ගැටළුවක් පැන නගින තරමට වැඩ සිදු වෙමින් පවතී , සමාජ දුරස්ථභාවය නොරකින ,හරිහැටි මාස්ක් නොපළඳින පොදු ප්‍රවාහන සේවාවන්හි උරෙනුර ගැටී ගමන් ගන්නා බහුතරයක් සිටින සමාජයක "ඔමික්‍රෝන් "පැතිර නොතිබුණහොත් එය ලෝක පුදුමයක් වනු ඇත ,


එක් පසකින් සෞඛ්‍ය කාර්ය  මණ්ඩල සඳහා සිදු කළ  දෛනික කොරෝනා පරීක්ෂණ මාස ගණනක සිට නතර කර තිබීම හේතුවෙන් එම කාර්ය මණ්ඩලවල කවරෙකුට කොරෝනා ආසාදනය වැළඳී ඇත්දැයි දැනගත නොහැකි තත්ත්වයක් පවතී ,අනෙක් අතට රෝහල්වලට පැමිණෙන රෝගීන් සඳහා කරන පරීක්ෂණද එලෙසමය ,මෙවැනි තත්ත්වයක් තුළ ලොව පුරා කොරෝනා ආසාදනය ජයටම පැතිරෙන රටවල සිට මෙරට පැමිණෙන සංචාරකයන්ගෙන්  ඇතිව ඇති අවදානමද සුළු පටු නොවේ .

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන කිසිදු මාර්ගෝපදේශයක් පිළිනොපදින සෞඛ්‍ය අංශයක් මෙරට පැවතීම නිසා ඉදිරියේදී මෙයට වඩා බරපතල  වසංගතයක් මෙරටට පැමිණියද ඔවුන් නිදි කිරා වැටෙනු හැර වෙනත් කිසිවක් කරන ආකාරයක් දක්නට     නොලැබෙනු ඇත .අඩුම වශයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුගමනය නොකරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමටවත්  බලධාරීන් උත්සාහ නොදැරීම හේතුවෙන් ඉදිරියේදී කොරෝනා වසංගතයෙන් වැඩි බලපෑමක් මෙරටට ඇති වන ලකුණු දැන් සිටම පහළ  වෙමින් පවතී ,නියපොත්තෙන් කැඩීමට තිබු දෙයක් මෙතරම් ඔඩු දුවනුයේ හුදෙක් බලධාරීන්ගේ නොසැළකිලිමත්  බව නිසා මිස අන් කිසි දෙයක් නිසා නොවේ ,නවසීලන්තය දුපතක් වශයෙන් කොරෝනා මර්දනයේදී අත් කරගත්  ජයග්‍රහණ වලින් අංශු මාත්‍රයක්වත් දුපතක් වශයෙන් අපට අත් කරගැනීමට නොහැකි වීම සැබවින්ම අභාග්‍යයකි .

No comments:

California Collage Cancelled Grad.Ceremony Amodst Anti Gaza Protests

https://www.bbc.com/news/world-us-canada-68894386