Tuesday, December 28, 2021

ඔමික්‍රෝන් වසංගතය හමුවේ කොරෝනා පරීක්‍ෂණ සංඛ්‍යාව අඩු කර ආසාදිතයන් අඩු බව පෙන්වීමේ කලාව

 මේ කාලයේ අසන්නට ලැබෙන මෝඩම ප්‍රකාශය වනුයේ කොරෝනා මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව අඩුයි යනුවෙන් සිදු කරනු ලබන ප්‍රකාශයන්ය ,මන්ද මෙරටින්ද ලොව බොහෝ රටවල් අගුලු දැමීමට මුල් වූ ඔමික්‍රෝන්  ආසාදිතයන් 07 දෙනකු වාර්තා වීමත් ඔවුන් හරහා මෙරට සමාජය තුළ මේ වන විටත් ගණනය කළ නොහැකි සංඛ්‍යාවකට වෛරස් ප්‍රභේදය පැතිර ගොස් තිබිය හැකි වීමත් නිසාය ,මේ වන විට මෙරට දෛනිකව සිදු කෙරෙන "පී සී ආර් " හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 10,000 ටත්  අඩුය ,


මෙරට දෛනිකව සිදු කෙරෙන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව අනුව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව  සසඳා කොරෝනා වසංගතයේ තත්ත්වය තීරණය කළ යුතු වුවද දැන් සිදු කරනුයේ අඩු පරීක්ෂණ සංඛ්‍යාවකින් අඩු ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වීමේ තත්ත්වයකි .,වසංගතය පිළිබඳ සත්‍ය තොරතුරැ මහජනතාවට  සඟවා එය පාලනය කිරීම අසීරු කාර්යයක් බව බොහෝ දෙනා අමතක කර තිබීම කණගාටුවට කරුණකි .යාබද ඉන්දියාවෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා වාර්තා වුයේද ශ්‍රී ලංකාවෙන් ප්‍රථම එම ආසාදිතයා වාර්තා වූ කාලයේදීම වුවද මේ වන විට එරටින් වාර්තා වී ඇති එම වෛරස් ප්‍රභේදය ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව 600 ද ඉක්මවා ගොස් තිබේ .දෛනිකව එම සංඛ්‍යාව වැඩි වෙමින් පැවතියදී බලධාරීන්ට අනුව මෙරට තවමත් සිටිනුයේ සති කිහිපයකට පෙර  හඳුනාගත් ලැව් ගින්නක් සේ  ශීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදනය වු  ආසාදිතයන් 07 දෙනා පමණකි .

No comments:

Interest Rate Of EPF To Be Increased

 The interest rates paid for Employees Provident Fund (EPF) will be increased to 13 percent with effect from 2023 according to the State Min...