Thursday, November 18, 2021

මෝඩකමට බෙහෙත් නොමැත -අනවශ්‍ය ප්‍රියසාද දමමින් කොරෝනා වෛරසය වැළඳගැනීම

 මෙම දිනවල ලොව පුරා නැවත වරක් කොරෝනා වසංගතය හිස ඔසවමින් පවතින තත්ත්වයක් තුළ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවද වැඩි වෙමින් පවතිනවා ,එහෙත් මිනිසුන්ගේ හා ඉහළ නිලධාරීන්ගේ හැසිරීම් රටාව නම් කොරෝනා පැතිරවීමේ  පැත්තට බර වී තිබීම  තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමට  මේ වන විට හේතු වී තිබේ.


ශාලාවක හෝ නිවෙස තුළ උත්සවයක් ගන්නේ නම් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඒ පිළිබඳව දැනුවත් කළ යුතු වුවද එසේ නොකරන පිරිස් වැඩි වෙමින් පවතින බව වාර්තා වී තිබෙනවා ,මෝඩකමට බෙහෙත් නැති බවට ඇති කථාව සනාථ කරමින් පිටතින් පිරිස් ගෙන්වාගෙන නිවෙස්වල අනවශ්‍ය ලෙස සාද පවත්වන මෙවැනි උන්මත්තකයන් මේ මොහොතේ රටටම පිළිකාවක් .මෙවැනි උන්මත්තකයන් ගැන සෙවීමට හැකි හොඳම ක්‍රමයක් වනුයේ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් පිරික්සීමයි ,ඒ එවැනි උන්මන්තක සාද දැමු ආකාරය හා ඒවාට සහභාගී වූ උන්මන්තකයන් හඳුනාගැනීමටයි  මේ වන විටත් මෙවැනි සාද ආශ්‍රිතව කොරෝනා ආසාදිත පොකුරු රැසක් නිර්මාණය වී අවසන්  නිසා කිසිවෙකු විසින්  .එවැනි අනවශ්‍ය සාද නියම කර ඇති පිරිස්වලට වඩා වැඩි සංඛ්‍යාවක් කැඳවමින් පවත්වා ඇත්නම් ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීම මේ මොහොතේ මහජනතාව සතු  වගකීමක්.

No comments:

Three Arrested Over Siekh Activist's Killing In Canada

  https://www.bbc.com/news/world-us-canada-67836968