Wednesday, April 14, 2021

මෝඩකමට බෙහෙත් නොමැත -කොරෝනා වසංගත සමයේ කොරෝනා පතුරවමින් සංචාරයේ යෙදීම හා එම ගොඩට තවත් මුග්ධයන් එකතු වීම

 නැවත කොරෝනා වසංගත රැල්ලක්  මතු වීමේ අවදානම පැවතීම හේතුවෙන් මෙවර අවුරුදු සමයේ සංචාරය කිරීම  සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ විසින් මහජනතාවගෙන්  ඉල්ලීම් කර  තිබුණද එය බිහිරි  අලීන්ට වීණා වැයීමක් බව මේ වන විට ඔප්පු වී තිබේ ,ආහාර පිළියෙළ කිරීමට හා ගැනීමට පෙර දැත් සේදීමටවත් හුරුපුරුදු වී නැති ඇතැම් මිනිසුන් කොරෝනා මර්දන නීති රීති අනුගමනය නොකරමින් සංචරණයේ යෙදීම අරඹා ඇති අතර   අඳ බාලයන් කිහිපදෙනෙකු විසින් කරනු ලබන එවැනි ක්‍රියාවන් දැක එම බාල සමාගමට තවත් අඳ බාලයන් එක් වනු බලා සිටිනවා හැරෙන්නට බලධාරීන්ට කළ හැකි කිසිවක් නොමැති බව මේ වන විට සනාථ වී තිබේ ,එක් මෝඩයෙකු මෝඩකමට කොරෝනා නීති රීති කඩ කරමින් කටයතු කළ විට එම ගොඩට තවත් මෝඩයන් එකතු වීම බොහෝ රටවලට ආවේණික වූ ලක්‍ෂණයක් වී තිබේ,එය මෙරටටද අදාළ බව මේ වන විට ,ඔප්පු වෙමින් පවතී .


අවුරුදු සමයේ කොරෝනා නීති නොතකමින් කඩවලින් පොර කකා ඇඳුම් මිලදී ගන්නා ජායාරුපයක් වෙබ් අඩවියක පළ වූ විට  එක් අයෙකු විසින් එයට පළ කර තිබු සටහනකින් කියවුණේ එම ජායාරුපයේ සිටින අය ඇඳුම් මිලදී ගනුයේ අවුරුද්දෙන් පසු කොරෝනා ආසාදනය වැළඳී රෝහලට යාම සඳහා පැලඳීමට බවයි ,ඉදිරියේදී වීමට නියමිතව ඇත්තේද එයයි .

No comments:

A Couple Arrested With A stock Of Narcotics

 The Special Police Task Force Personal had arrested a couple in possession of a stock of natcotics worth over Rs.15 million in Colombo it h...