Monday, December 21, 2020

අවංකබව මිල කළ නොහැකි ආභරණයකි .

  දහදිය මහන්සියෙන් ඉපයූ මුදලින් ඉගෙන ගැනීම හා අවංකව වෘත්තියක නිරත වීම යනු

සමාජයේ ඉහලම වටිනාකමක් හිමි විය යුතු මිල කළ නොහැකි වූ ක්‍රියාවන්ය ,අන්‍යන්ගෙන් සොරාගත් මුදලින් යැපීම හා එම මුදලින් ඉගෙන ගැනීම යනු බාලයන්ගේ බාල ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ ,අද බොහෝ  පිරිස් හුරුපුරුදු වී ඇත්තේ සොරාගත් මුදලින් තම කාර්යයන් ඉටු කරගැනීමයි ,එවැනි ව්ෂඝෝර සර්පයන් එදා බුදුන් දවසද මෙලොව සිටි අතර දැනුදු සිටින බව අමතක නොකළ යුතුය .බුදු දහමට අනුව නම් අපට ප්‍රාර්ථනා කළ හැක්කේ එම විෂඝෝර සර්ප ගතිගුණ ඇති පිරිස් එම තත්ත්වයෙන් මිදේවා යන්නය ,

No comments: