Monday, March 7, 2016

Government Found A New School For HIV Suspected Boy In Kuliyapitiya-Education Minister

The Education Minister Akila Viraj Kariyawasam has today(07) stated the Foreign Media that the  Government has found a  new school for the Six year old boy residing in  Kuliyapitiya(In North Western Province) who is not given a school due to the opposition of parents in kuliyapitiya on suspicion of the boy was HIV positive.


The Education Minister has earlier apprised the Foreign Media the six year old boy will be taken under probation through a court order due to HIV Rumors.

The Government will  fund the boy's education until he leaves the school and donors will provide the boy and his mother a new home the Minister has said.

The full text of the Education Minister's Statement given to BBC-Sndeshaya Progarmme in Sinhala attached hereto.

අනියත එච්අයිවී බියක් හේතුවෙන් පාසලක් අහිමිව සිටින කුලියාපිටියේ දරුවාට යහපතක් කිරීම සිය අභිලාශය වූ බව පවසන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, කිසිවෙකුටත් අවමන් කිරීමට තමන්ට අවශ්‍යතාවයක් නොවූ බවත් පවසයි.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, දරුවාගේ මව එච්අයිවී ආසාදිතයකු යයි ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන දැඩි විරෝධය පිළිබඳව ප්‍රතිචාරය දක්වමින්.
ගුරු විදුහල්පති සංගම් ඇතුළු බොහෝ දෙනා එම ප්‍රකාශය හෙලා දැක තිබෙන අතර, අමාත්‍යවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල හඬක් නැගෙමින් පවතී.
අදාළ ප්‍රකාශය සදාචාර සම්පන්න නොවන්නේ නේදැයි බීබීසී සංදේශය විමසූ අවස්ථාවේ අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ,: "මේ සිද්ධියේදී දරුවා වෙනුවෙන් යමක් කරන්න, හොඳක් කරන්න අවංක උවමනාවක් තිබුණා. ඒ නිසා තමයි මම ඒ වගේ ප්‍රකාශයක් කළේ," යන්නයි.
"ඒ ප්‍රකාශයෙන් ඒඩ්ස් රෝගීන්ට හරි ඒ ගැන සංවේදී කාට හරි හිත් රිදීමක් වුනානම් ඒ පිළිබඳ මගේ කණගාටුවක් තිබෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.
දරුවාගේ මව එච්අයිවී ආසාදිතයකු යයි කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තමාට දැනුම් බවයි අමාත්‍යවරයා සෙනසුරාදා කියා සිටියේ. එම ප්‍රකාශය යෝග්‍ය නොවන බව තමන්ට වැටහෙන බවයි අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා සංදේශයට කියා සිටියේ.
"ඒඩ්ස් රෝගියෙක් බව ප්‍රකාශ කිරීම වැරදියි. ඒඩ්ස් රෝගියෙක් කියන එක වෛද්‍යවරුන්ටත් හෙළි කරන්න පුළුවන් කමක් නැහැ. වෛද්‍යවරුන්ගෙන් ලබා ගත් සමහර තොරතුරු අපට එළියට දෙන්නත් බැහැ. නමුත් මේ සිද්ධියත් එක්ක සමහර දේවල් නොකියත් බැහැ."
මවගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් දරුවාට ඇති විය හැකි අවදානම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව ප්‍රශ්න කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ.
''මේ නිසා තමයි මම කිව්වේ අපි ටික දිනකට පරිවාස බාරයට අර ගෙන, ඊට පස්සේ ඒ බය දුරු කරලා පාසලක් ලබා දීලා ඉන් පස්සේ දරුවට දෙමව්පිය රැකවරණය ලැබෙන විදිහට කටයුතු කරමු කියලා," ඔහු පැවසීය.
"ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුමක් ලබා දිය යුතුයි. නැතුව කිසිවිටකත් මවගෙන් දරුවා ගිලිහෙන්න අවශ්‍ය කටයුතු කරන්න නෙමෙයි අපට වුවමනා වුනේ.''
මේ වන විට දරුවාට මව සමඟ එක්ව වසමින් අධ්‍යාපනය ලබාදීම පිණිස අනුග්‍රාහක සමාගමක්ද සොයා ගෙන සියලු කටයුතු සූදානම් කර ඇති බවයි එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සංදේශයට කියා සිටියේ.
"එතකොට තම මව සමග සිටිමින්ම මේ දරුවට අධ්‍යාපනය ලබන්න පුළුවන් පරිසරයක් අපි දැන් හදලා තිබෙනවා," අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් පැවසීය.
මේ අතර දරුවාගේ මව පවසන්නේ තමාට එච්අයිවී ආසාදනය වී ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් පැතිර ගොස් ඇති බවයි.
මවට එච්අයිවී ආසාදනය වී අත්දැයි යන්න සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන කිසිත් ප්‍රකාශ කොට නොමැත.

No comments:

California Collage Cancelled Grad.Ceremony Amodst Anti Gaza Protests

https://www.bbc.com/news/world-us-canada-68894386