Thursday, August 29, 2013

පිටිකිරි අර්බුදයේ බලධාරී භූමිකාව!

Visit http://www.divaina.com/2013/08/30/feature.html to view the original article


මෙරටට ආනයනික කිරිපිටි වර්ගවල තිබී ඩී.සී.ඩී. කෘෂි රසායනිකය හමුවීම හා "වේ ප්‍රොaටීන" සංයෝගය සහිත කිරිපිටි වර්ගවල "ක්‌ලොස්‌ටි්‍රඩියම් බොටියුලිනම්" නමැති බැක්‌ටීරියාව අන්තර්ගතව ඇත්දැයි මතුවූ සැකය යන සිද්ධීන් හේතුවෙන් රට පුරා පසුගිය සති තුනක කාලයේ පැවැති උණුසුම්කාරී තත්ත්වය මේ වන විටද පහව ගොස්‌ නොමැති බව පෙනී යයි. කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් වෙළෙඳපළෙහිපැවැති ආනයනික කිරිපිටි වර්ග හතරක ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බවට වාර්තාවක්‌ නිකුත් කිරීමත් සමගම මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත්තේය.



එතැනින් පටන්ගත් ආනයනික කිරිපිටි සම්බන්ධ අර්බුදය එම කිරිපිටි භාවිත කිරීම පිළිබඳව දෙවරක්‌ සිතා බැලීමට ජනතාව යොමු කිරීමට තරම් ප්‍රබල විය. ඩී.සී.ඩී. උණුසුම මතුවී දින කිහිපයක්‌ ගතවූ පසු නවසීලන්තයේ එක්‌තරා ප්‍රධාන පෙළේ කිරිපිටි නිෂ්පාදන සමාගමක නිෂ්පාදනය වෙමින් පැවැති ළමා කිරිපිටි වර්ගයක යොදාගත් "වේ ප්‍රොaටීන" සංයෝගයට කසළ නළයක්‌ හරහා "ක්‌ලොස්‌ටි්‍රඩියම් බොටියුලිනම්" බැක්‌ටීරියාව ඇතුළු වීමේ සිද්ධිය වාර්තා විය. මෙහිදී එම බැක්‌ටීරියාව අඩංගු වූ "වේ ප්‍රොaටීන්" සහිත ළමා කිරිපිටි මෙටි්‍රක්‌ ටොන් 38 ක්‌ චීනය, රුසියාව, හොංකොං ඇතුළු රටවල් කිහිපයකට අපනයනය කර තිබී ඒවා නැවත නවසීලන්තයට ගෙන්වා ගැනීමට අදාළ කිරිපිටි සමාගමට සිදුවිය. රුසියාව, චීනය වැනි රටවල් දෙවරක්‌ නොසිතාම අදාළ විදේශීය කිරිපිටි සමාගමේ නිෂ්පාදනයන් තම රටවල භාවිතය තහනම් කළහ.




No comments:

Baltimore Port Closure May Hit US Coal Export Volumes

https://www.foxbusiness.com/economy/baltimore-port-closure-may-hit-us-coal-export-volumes